ශ්‍රී ලංකා ප්‍රජාතාන්‍ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකා මාතා

(සිංහල 僧伽罗文 Sinhalese)


ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරි බරිනි
සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි
ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා
ජීවනයේ මාතා
පිළි ගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබවේ අප විද්‍යා ඔබමය අප සත්‍යා
ඔබවේ අප ශක්‍ති අප හද තුළ භක්‍ති
ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවනවේ අප මුක්‍තිය ඔබවේ
නව ජීවන දෙමිනේ
නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු
මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා
නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා